මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වයට මූලික හේතුවක් වී යැයි පැවසෙන ‘කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර’ නමැත්තා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.
මෙම සැකකරුට එරෙහිව තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම මෙන්ම අලෙවි කිරීම යන චෝදනා එල්ල වී ඇත. බන්ධනාගාරය තුළ සිටියදීත් මොහු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරම්වල නිරත වී ඇති අතර, එම තොරතුරු බන්ධනාගාර නිලධාරීන්ට හෙළි වීම මෙම ගැටුම හට ගැනීමට ප්‍රධාන හේතුව බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව මොහු බන්ධනාගාරගතව සිටියේය. තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවන් 734 දෙනෙකු වාරියපොළ, දුම්බර, අඟුණකොළපැලැස්ස, අනුරාධපුර, පොලොන්නරුව, කුරුවිට සහ වැලිකඩ යන බන්ධනාගාර වෙත මාරු කිරීමට ද පියවර ගෙන ඇත.
















