රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා විවිධ ක්ෂේත්‍රවලින් ඉල්ලීම් ලැබී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇතැම් සේවා අංශවල පවතින පුරප්පාඩු පිරවීමට සහ ක්ෂේත්‍රවල අවශ්‍යතා මත මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.
මීට පෙර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණද, සමස්ත රාජ්‍ය සේවය සඳහාම විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවතින බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















