මාධ්‍ය නිදහස අහිමි කරන හෝ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල කරන පාලනයක් ඇතැම් මාධ්‍ය සංවිධානවලට අවශ්‍ය වී තිබුණ ද, ජාතික ජන බලවේග රජයක් යටතේ කිසිසේත්ම එවැන්නක් සිදුනොවන බව නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (තොරතුරු කොමිසම) සම්බන්ධයෙන් පළව තිබූ ඇතැම් කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරිය අද (20) පාර්ලිමේන්තුවේදී මේ බව අවධාරණය කළාය.













