ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට යෝජනා කර තිබූ ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අදාළ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සඳහා පොලිස් මූලස්ථානය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබූ අතර ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ යෝජිත ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක නොකිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
















