රට දැඩි ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ දී තිබූ පසුබිමක ජනතාව තමන්ට බලය ලබා දුන්නේ රට සම්පූර්ණයෙන්ම වැටී තිබූ නිසා බවත්, එසේ නොවූයේ නම් ජනතාව කිසිසේත්ම තමන්ට බලය ලබා නොදෙනු ඇති බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසා තිබේ.
දේශපාලන ක්ෂේත්‍රයේ සහ රජයේ ඉදිරි ගමන පිළිබඳව විවෘතව අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, වත්මන් පාලනය හමුවේ පවතින යථාර්ථයයි. විශේෂයෙන්ම ආණ්ඩුව මුහුණ දී සිටින අභියෝග සහ දුර්වලතා ගැන සඳහන් කරමින්, **”හැබැයි දැන් අපේ රජය ගොඩක් දුර්වලයි”** යනුවෙන් රජය තුළ පවතින දුර්වලතා පිළිබඳව ද හෙතෙම විවෘත ප්‍රකාශයක් සිදු කර ඇත.
රට ගොඩනැඟීම සඳහා ජනතාව තැබූ විශ්වාසය රැකගැනීමට නම් ආණ්ඩුව තවදුරටත් ක්‍රියාකාරී විය යුතු වුවද, පවතින ව්‍යුහාත්මක සහ දේශපාලන අභියෝග හමුවේ රජය අපේක්ෂිත මට්ටමෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක වීමේදී යම් යම් දුර්වලතා පවතින බව මෙයින් මනාව පැහැදිලි වේ.














