රට තුළ පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය හමුවේ, පාසල් දරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ දැනුවත් කිරීමේ පා ගමනක් සහ වීදි නාට්‍ය සංදර්ශනයක් පසුගිය 13 වැනිදා කෑගල්ලේදී පැවැත්විණි.
කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය අසලින් ආරම්භ වූ මෙම වැඩසටහන මගින් ඩෙංගු මර්දනය සහ සෞඛ්‍ය පුරුදු පිළිබඳව ජනතාවට පුළුල් අවබෝධයක් ලබාදීමට කටයුතු යොදා තිබිණි.
















