ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් “කෙහෙල්බද්දර පද්මේ” නැමැත්තා ලබන 17 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමකින් අනතුරුව බූස්ස බන්ධනාගාරයේ සිට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වන බැවින් මෙලෙස රඳවා තබන ලදී. ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති නඩුව පමණක් මෙම අධිකරණයට යොමු කරන ලෙසත්, වෙනත් අධිකරණවල තිබෙන නඩු අදාළ අධිකරණ වෙත යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.














