වවුනියාව, සාලම්බකුලම ප්රදේශයේදී මන්නාරම සිට වවුනියාව දෙසට ධාවනය වූ ටිපර් රථයක වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්, වවුනියාව-මන්නාරම ප්රධාන මාර්ගය අසල පිහිටි පලතුරු අලෙවිසැලක ගැටී අනතුරක් සිදුව තිබේ. පූවරසන්කුලම පොලීසිය මේ බව පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ වෙළඳසැලේ සේවය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ සාලම්බකුලම ප්රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි අයෙකි. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වවුනියාව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පූවරසන්කුලම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














