ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ධුරය සඳහා පීටර් මැන්ඩෙල්සන් පත්කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස අගමැති කීර් ස්ටාර්මර්ගේ කාර්යාලයෙන් තමන්ට “අඛණ්ඩ බලපෑම්” එල්ල වූ බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශයේ හිටපු ඉහළ නිලධාරියෙකු අද (21) අනාවරණය කළේය. ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සමීප සබඳතා හේතුවෙන් දැඩි විවේචනයට ලක්ව සිටින මැන්ඩෙල්සන්ව මෙම තීරණාත්මක තනතුරට පත්කිරීමේ වගකීම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ නිලධාරීන් අතර මේ වන විට දැඩි මතභේදයක් හටගෙන තිබේ.
අගමැති ස්ටාර්මර් විසින් මෙම පත්වීමේ දෝෂ සම්බන්ධයෙන් නිලධාරීන්ට චෝදනා කළද, හිටපු නිලධාරියාගේ මෙම ප්‍රකාශයත් සමඟ අගමැතිවරයා දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටියි. මැන්ඩෙල්සන්ගේ අතීත චර්යාවන් දැන දැනම මෙවැනි පත්වීමක් සිදුකිරීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම පවා ඉල්ලා සිටින අතර, මෙය බ්‍රිතාන්‍ය රජයේ විශ්වාසනීයත්වයට විශාල පහරක් වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.














