කැකිරාව, සමගිගම ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ ගල්වළක දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අද (17) පස්වරුවේ අවාසනාවන්ත ලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කරන අන්දමට මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි, වයස අවුරුදු 39ක් සහ 41ක් වන සහෝදරයන් දෙදෙනෙකි. මියගිය පුද්ගලයන් ඇතුළු පස් දෙනෙකුගෙන් (05) යුත් පිරිසක් මෙම ගල්වළේ දියනෑම සඳහා ගොස් ඇති අතර, ඉන් තිදෙනෙකු දිය නෑමෙන් පසු ආපසු පැමිණ තිබේ. කෙසේ වෙතත් මෙම සහෝදරයන් දෙදෙනා තවදුරටත් එහි රැඳී සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම පිරිස කැකිරාව බැස්ටියන් විද්‍යාලයේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා එම ප්‍රදේශයට පැමිණ තාවකාලිකව නැවතී සිටි පිරිසක් බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.















