කැනියොන් සහ ලක්ෂපාන ජලාශ ප්‍රදේශ ඇතුළු ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පවතී. කැනියොන් ජලාශයේ වාන් දොරටු දැනටමත් විවෘත කර ඇති අතර, ඉදිරියේදී ලක්ෂපාන ජලාශයේ ද වාන් දොරටු විවෘත වීමේ හැකියාව පවතී.
මේ හේතුවෙන් කිතලගල, යටියන්තොට, කරවනැල්ල, රුවන්වැල්ල, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, කැළණිය සහ කොළොන්නාව යන කැළණි ගඟ ද්‍රෝණියට අයත් පහළ සහ මධ්‍යම ප්‍රදේශවල මෙන්ම ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාව ඉදිරි පැය කිහිපය තුළ දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ බලධාරීන් ඉල්ලා සිටියි.
හදිසි තත්ත්වයකදී බලධාරීන් ලබා දෙන උපදෙස් අඛණ්ඩව පිළිපදින්න.














