සෞඛ්‍ය හා පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කරන ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවෙන් අඛණ්ඩ ස්වෙච්ඡා සේවක සහ සහයෝගයක් ලබා දෙන බව එම සංගමයේ විධායක අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසයි.
බත්තරමුල්ල, ගොතටුව, හෝමාගම, කඩුවෙල, මහරගම, පිළියන්දල, බොරැල්ල, කොළඹ උතුර සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල ක්‍රියාත්මක කළ ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන් සඳහා රතු කුරුස ස්වෙච්ඡා සේවකයන් පහළොස් දහසකට ආසන්න පිරිසක් මේ වන විට සහභාගි වී ඇති අතර, දෛනිකව ස්වෙච්ඡා සේවකයන් පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙම කටයුතු සඳහා දායක වේ.














