මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට සහ තෙල්දෙණිය අධ්‍යාපන කොට්ඨාශයට අයත් මීමුරේ – කුඹුක්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් කැලණිය ඡායාරූප සහ කලා සංගමය විසින් පසුගියදා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. සුළි කුණාටු ව්‍යසනයෙන් හානියට පත්ව තිබූ පාසලේ පානීය ජලමාර්ග පද්ධතිය පිළිසකර කර දීම සහ පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.
















