වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජාතික යොවුන් සේනාංකය වාර්ෂිකව සංවිධානය කරනු ලබන “යොවුන් බැති ගී සරණිය 2026” සහ අයිස්ක්‍රීම් දන්සැල පසුගිය මැයි 30 වන දින ජාතික යොවුන් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. තරුණ පරපුර සදහම් මඟට යොමු කරමින් ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණ වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු මෙම උතුම් පින්කම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී විය.
ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බී. ඒ. ගාමිණී වික්‍රමපාල මහතාගේ පූර්ණ මඟපෙන්වීම සහ සභාපති නලින් රදම්පල මහතාගේ මැදිහත්වීම මත සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා මූලස්ථාන කාර්ය මණ්ඩලයේ නොමඳ කැපවීම සහ ශ්‍රමදායකත්වය හිමි විය. මෙහිදී ඉදිරිපත් කළ බැති ගී ගායනා ජාතික යොවුන් සේනාංක යක්කල සෞන්දර්ය පුහුණු පාසලේ සෞන්දර්ය උපදේශකවරුන් සහ පුහුණුලාභීන් විසින් ඉදිරිපත් කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.
















