කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගන්වන ලදී.
මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා මේ දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, අගෝස්තු මස 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.
















