මිනුවන්ගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ මෙම සැකකරුය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 150ක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතරතුර ලද තොරතුරක් මත ඊයේ (21) රාත්‍රී මිනුවන්ගොඩ, ගල්ඔළුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ. පසුගිය 2025 අගෝස්තු 13 වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කර තිබූ අතර, එහිදී මියගොස් ඇත්තේ 36 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















