කෙන්යාවේ ජාතික ගුවන් සේවය වන ‘කෙන්යා එයාර්වේස්’ (Kenya Airways) සමාගම 2026 වසරේ පළමු මාස 6 (මුල් අර්ධය) සඳහා කෙන්යානු සිලින්ග් බිලියන 16.1 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 124.5 ක පමණ) බදු පෙර දැවැන්ත පාඩුවක් වාර්තා කර තිබේ.
පසුගිය 2025 වසරේ එම කාලපරිච්ඡේදය තුළ සමාගම ලැබූ පාඩුව කෙන්යානු සිලින්ග් බිලියන 12.17 ක් වූ අතර, ඊට සාපේක්ෂව මෙවර පාඩුව තවදුරටත් ඉහළ ගොස් ඇත. මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය, ගුවන් යානා මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා එල්ල වූ බාධා කිරීම් මෙම අලාභය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















