ඉන්දියාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 265 ක් ලබා අසීරු තත්ත්වයක පසුවෙයි.
ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 238 ක් පිටුපසින් සිටින ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලෙස ලකුණු 80 ක් රැස්කළ අතර, එක් අන්තයක හුදෙකලා සටනක නිරත වන සොනාල් දිනූෂ නොදැවී ලකුණු 85 ක් ලබා කඩින් කඩ ඇදහැළුණු අයහපත් කාලගුණය මධ්‍යයේත් කඩුල්ලේ රැඳී සිටියි. නායක ධනංජය ද සිල්වා ලකුණු 8 කට සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 32 කට දැවී ගිය අතර, තරගයේ සිව්වන දිනය හෙට ආරම්භ වීමට නියමිතය.














