27 April 2024
#දේශීය

ඉන්දීය රජයෙන් ලබාදුන් භූමිතෙල් උතුරේ දුපත් ජනතාවට ලබා දෙයි

ඉන්දීය රජය ලංකා රජයට ඉන්ධන ලබාදෙමින් සිටින අතර උතුරේ දුපත් ආශ්‍රිත ජීවත්වන ජනතාවට අවශ්‍ය භූමිතෙල් ලබාදීමට ද ඉන්දීයාව පියවරගෙන ඇත.

ඒ අනුව ඉන්දීය රජයෙන් ලබාදෙන ලද භූමිතෙල් ඉන්ධන තොගයක් උතුරේ දුපත් ආශ්‍රීත ජනතාවට බෙදා දීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ හා ඉන්දීය නියෝජ්‍ය තානාපති රාකේෂ් නඩරාජ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ නැඩන්තිව් හා නයිනතිව් දුපත් සදහා බෙදා දීමට ඉන්දීය රජය මගින් භූමිතෙල් ඉන්ධන තොගයක් ලබාදී ඇති අතර වර්තමානය වන විට ඉන්දීය ජනතාව ශ්‍රී ලාංකික ජනයාගේ සැබෑ තත්වය වටහාගෙන ඇති බවත්, ඔවුන් මෙරට ජනතාවට සෑම අවස්ථාවකදීම ආධාර කිරීමට ක්‍රියාකරන බවත්, ඒ පිළිබදව සමස්ථ රජයේ මෙන්ම ජනතාවගේ ප්‍රනාමය ඉන්දීය රජය ඇතුලු එම ජනතාවට ලබාදෙන බවත් පැවසු අමාත්‍යවරයා අප රට පත්ව ඇති ආර්ථික අර්බුදය ශක්තිමත්වන තෙක් අසල්වැසි රටක් ලෙස ඉන්දීය රජයේ සහය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් මහේෂන්,අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රදීපන් ඩෙල් දුපතේ ප්‍රාදේශීය ලේකම් සත්‍යජෝති වේලනි, ප්‍රාදේශිය ලේකම් ශිවකරන් ඇතුලු පිරිසක් සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *