27 April 2024
#දේශීය

මාතලේ එලවලු බිජ හා පැලවට දැඩි ඉල්ලුමක්

ඉදිරියේදි ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස තම ගෙවත්තේ කුමන හෝ බෝගයක් වගා කිරිමේ අරමුණින් මාතලේ නගරයේ බිජ හා පැළ අලෙවිසැල්වලින් බිජ හා පැළ වර්ග ලබා ගැනිම සදහා විශාල පිරිසක් මේ දිනවල සිය වෙළදසැල් වෙත පැමිණෙන බව වෙළදසැල් හිමියෝ පවසයි.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ගුණාත්මක බිජ හා පැළ ලබා දිම සදහා හැමවිටම ක්‍රියා කරන බවත් ජනාතාව මෙසේ වගා කටයුතු සදහා ක්‍රියා කිරිම තුළින් තම එදිනෙදා අවශ්‍ය එලවලු සහ අල වර්ග ඇතුලු බෝගයන් ලබා ගත හැකි බවද ඔවුන් පවසයි.

බිජ ලබා ගැනිම සදහා පැමිණ සිටි පිරිස් කියා සිටියේ ඉදිරියේදි ඇති විය හැකි ආහාර අර්බුදයට කුමන හෝ පිළියමක් ලෙස හැකි පමණින් එලවලු සහ වෙනත් බෝග වර්ග වගා කිරිමට කටයුතු කරන බවය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *