කැස්බෑව – කොට්ටාව මාර්ගයේ, කැස්බෑව නගරයේදී ඊයේ (16) සිදුවූ බස් රථ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටීමෙන් මාර්ගය මාරු වෙමින් සිටි කාන්තාවක බරපතළ තුවාල ලබා ඇත. ඇයව වහාම කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගිය කාන්තාව කැස්බෑව ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි තැනැත්තියකි. අනතුර සිදුකළ බස් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















