ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ශීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් රටේ ආර්ථිකය දැඩි අවදානමකට ලක්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා අනතුරු අඟවයි.
මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි, 2025 වර්ෂයට සාපේක්ෂව 2026 වර්ෂය තුළ වෙළෙඳ හිඟය (Trade Deficit) ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර, මෙම තත්ත්වය මගහරවා ගැනීමට කඩිනම් පියවර නොගතහොත් රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ ඉඩකඩ පවතී.
ආනයන වියදම පාලනය කරමින් සහ අපනයන ආදායම ඉහළ නංවා ගනිමින් මෙම වෙළෙඳ පරතරය පියවා ගැනීමට ජාතික මට්ටමින් උපායමාර්ගික මැදිහත්වීමක් අවශ්‍ය බව විද්වතුන්ගේ මතයයි.
















