කිළිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 17 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පවුලේ පිරිසක් විනෝද චාරිකාවක් යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මියගිය තරුණියගේ 16 හැවිරිදි බාල සොහොයුරා සහ 9 හැවිරිදි බාල සොහොයුරිය තුවාල ලබා ඇත. මව්පියන්ට කිසිදු තුවාලයක් සිදුව නොමැත. ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක මෙම මෝටර් රථය ගැටී ඇත. ගේට්ටු නොමැති මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ගේට්ටු සවි කරදෙන ලෙසට ප්‍රදේශවාසීන් මීට පෙරද අවස්ථා කිහිපයකදී ඉල්ලා තිබුණද බලධාරීන් ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවට චෝදනා කරති. කිළිනොච්චිය මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














