ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික ධුර කාලය අවසන් කර දිවයිნෙන් පිටව යන චීන තානාපති කි චෙන්හොං (Qi Zhenhong) මහතා සහ එම මහත්මිය අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ සංචාරයක නිරත වූහ.
පාර්ලිමේන්තු බලධාරීන් විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනිමින් සුබ පැතුම් එක් කර ඇති අතර, මෙහිදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු වී තිබේ.














