කොටදෙනියාව දොරොව්ව ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අනතුරින් පසු තුවාලකරුවන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිසිය පවසයි. සැකකරුවන් අවුරුදු 21 සහ 25 යන වයස්වල පසුවන ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත. කොටදෙනියාව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














