ජාතික ජනබලවේගයට බලය හිමි කිරින්ද පුහුල්වැල්ල ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ශරීර ඇප මත මුදාහැරීමට මාතර දිසා අධිකරණය නියෝග කර තිබේ.
විශ්රාමික ගුරුවරියක සහ ඇගේ ඉංජිනේරු පුත්රයා කාමරයක සිරකර තබා කායික හා මානසික හිංසනයට ලක් කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සභාපතිවරයා ඇතුළු පස්දෙනා ඊයේ (22) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
කිරින්ද නගරයේ වඩිගවත්ත මාර්ගයේ තාප්පයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් පිළිබඳ සාකච්ඡා කිරීමට මානව හිමිකම් කොමිසම දැනුවත් කර ඇති බව පවසමින් අදාළ ගුරුවරිය සහ ඇගේ පුත්රයා ප්රාදේශීය සභා පරිශ්රයේ කාමරයක රඳවා තැබූ බවට පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තිහගොඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
නීතිය අවභාවිත කිරීම, කායික හා මානසික හිංසනය සහ දේශපාලන බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ ඉදිරි විමර්ශන ක්රියාත්මක වේ.













