අයිස් මත්ද්රව්ය ග්රෑම් 109ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
2026 ඔක්තෝබර් 22 වැනිදා උදෑසන හොරණ පොලිස් වසමේ මීමනපලාන ප්රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි පාදුක්ක ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.













