27 April 2024
#සංවර්ධන

කිතුල් සංවර්ධන කිරීමේ වැඩසටහනක් උකුවෙලදී

උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිලිකන්ද කිතුල් ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවීම හා එම නිෂ්පාදකයින් තවදුරටත් සවිබල ගැන්වීමේ අරමුණින් සඵල ගමක් නම් වූ සුවිශේෂී ව්‍යාපෘති වැඩසටහන මේ වන විට එම කලාපයේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

උකුවෙල ප්‍රාදේශීය මහ ලේකම් එස්.එන්.කේ සේරසිංහ මහත්මිය‍ගේ සහ සංවර්ධන සම්බන්ධීකාරක එච්.එම්.සී.කේ හේරත් මහතාගේ සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් මේ වන විට සක්‍රීය කිතුල් ගොවි සමීතියක් ද පිහිටුවා කිතුල් කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා මාර්ග රැසක්ම ගෙන ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක මෙම සුවිසෙස් ව්‍යාපෘති වැඩසටහන යටතේ තවදුරටත් කිතුල් කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය කර ගත යුතු කාර්යයන් අධ්‍යයනය කිරීමේ අරමුණින් ඕවිලිකන්ද කිතුල් ගොවි සමීතියේ නිලධාරීන් හා ඕවිලිකන්ද කලාපයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් එක්ව පසුගිය දා දුම්බර කිතුල් නිෂ්පාදන සමාගමේ ක්ෂේත්‍ර අධ්‍යයනයකට එක් වූහ.

මෙම ක්ෂේත්‍ර අධ්‍යයනයේ දී නවතාවයෙන් යුතුව පැණි හකුරු නිෂ්පාදන කටයුතු සිදු කරන ආකාරයත් කිතුල් කර්මාන්තයේ දී නව යන්ත්‍ර සූත්‍ර භාවිතය සිදු වන ආකාරය පිළිබදවත් පුළුල් වූ අවබෝධයක් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තා හිමි විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *