27 April 2024
#දේශීය

නකල්ස් ආක්‍රමණශීලි වල් පැලැටි නිසා තර්ජනයක්

නකල්ස් වන පෙත ආශ්‍රිතව ආගන්තුක පැළැටියක් පැතිර යාම නිසා පිටවල පතන සහ අඒ ආශ්‍රිත ප්‍රදේශයේ පරිසරය විනාශවිමේ තර්ජනයකට මුහුණ පා ඇති බව පරිසරවේදිහු පවසති.

පතන් පාළු නමින් හැදින්වේන මෙම පැළැටිය රිවස්ටන් මාර්ගයේහි දෙපස පියවල පතන් බිමේ පැතිර ඇති බවත් මේ පැළැටියපැතිර යාම නිසා විශාල ලෙස නකල්ස් පරිසර පද්ධතිය විනාශවිමේ තර්ජනයකට මුහුණ පා ඇති බව මාතලේ දිසා බාලදක්ෂ කොමසාරිස් සි.කේ අබේවර්ධන මහතා පැවසිය.

මෙම ආක්‍රමණික පැළැටිය විශාල ලෙස පැතිර යාම සහ ඉක්මන් වර්ධනය නිසා නකල්ස් ට ආවේණික වු පැළැටි වර්ග වදවි යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බවද අබේවර්ධන මහතා පැවසිය.

මෙම පැළැටි ඉවත් කිරිම සදහා රාජ්‍ය හා පරිසර සංවිධාන එක්ව වැඩපිළීවෙලක් ඉදිරියේදි දියත් කරන බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *