කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටුණු බස් රථයේ මගී ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (25) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් සිසුන් ඇතුළු පිරිසක් තුවාල ලැබූහ. කොට්ටාව ප්රදේශයේ සිට සිසුන්, උපකාරක පන්ති ගුරුවරුන් සහ දෙමාපියන් රැගෙන ගිය බස් රථය කොග්ගල මාර්ටින් වික්රමසිංහ ජනකලා කෞතුකාගාරය අසල දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියේ ගැටී තිබේ.
පොලිස් වාර්තා අනුව බස් රථයේ සිසුන් 41 දෙනෙකු, ගුරුවරුන් 14 දෙනෙකු සහ දෙමාපියන් හය දෙනෙකු ඇතුළු 61 දෙනෙකු ගමන් කර තිබුණි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ සහායකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, බස් රථය මෝටර් රථ පරීක්ෂකවරයෙකුගේ පරීක්ෂාවට ලක් කිරීමට ද නියමිතව තිබුණි.














