නිවාස ඒකක 624 කින් සමන්විත කොළොන්නාව නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. මහල් 12 කින් යුත් මෙම නව නිවාස සංකීර්ණය, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍ය දායකත්වය යටතේ රුපියල් මිලියන 5,784 ක වියදමින් ඉදිකර ඇත.
මෙම ව්‍යාපෘතිය ජනතාවට පැවරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර, එය කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ලැබෙන සුවිශේෂී සහනයක් වනු ඇත.
















