අද (26) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
අද දින පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනෙන ප්‍රධාන කරුණු වන්නේ, පෙරවරු 11.30 සිට පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ අංක 2478/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය අනුමත කිරීම සඳහා වන විවාදයයි. ඉන් අනතුරුව පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා ඊයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල් තැබීමේ යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වීමට නියමිතය.
















