ඩුබායි රාජ්‍යයේ සිට මෙරට අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කොස් මල්ලි’ නැමැත්තා බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් මරණීය තර්ජන කර ඇති බව වාර්තා වේ. වේරහැර වත්තේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත ඔහුගේ ගෝලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහොත්, ස්ථානාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් වෙඩි තබා ඝාතනය කරන බවට ඔහු මෙම ඇමතුම හරහා තර්ජනය කර ඇත.
ස්ථානාධිපතිවරයා විසින් අදාළ මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව අඛණ්ඩව වැටලීම් සිදු කිරීම හේතුවෙන් මෙම කෝපය මතුවී ඇති අතර, මෙම තර්ජන හමුවේ අදාළ නිලධාරියා සිය මෙහෙයුම් සීමා කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙම තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුව ඇති අතර, විදේශගතව සිට මෙරට අපරාධ මෙහෙයවන මෙවැනි අපරාධකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.
















