කොටගල ප්‍රාදේශීය සභාවේ ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී ගනේශන් රාජේන්ද්‍රන් මහතාට පහර දුන් ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ඔහුගේ ආධාරකරුවා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ලේකම් ජීවන් රාජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් කොටගල නගරයේදී උද්ඝෝෂණයක නිරත වී තිබේ. සභා රැස්වීමේදී උප සභාපතිනියට එරෙහිව දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම නිසා මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර, දෙපාර්ශවයෙන්ම පොලිසියට පැමිණිලි ලැබී ඇති බැවින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන තිදෙනාම රෝහලෙන් බැහැර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පවසයි.














