ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් පසුගිය වසරේ (2025) විදෙස් ණය ගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැය වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) අනාවරණය වී තිබේ. කාරක සභා හමුවට කැඳවූ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් උදේනී තිලකරන මහතා මේ බව සඳහන් කළ අතර, විනිමය අනුපාතිකයේ වෙනස හේතුවෙන් ඩොලර් මිලියන 600ක අමතර මුදලක් ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් කමිටුවට ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී නියෝග කර ඇත.














