මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු කොට්ටාව සහ හෝමාගම ප්‍රදේශවලදී අද (20) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 400ක්, හෙරොයින් ග්‍රෑම් 112ක් සහ කොකේන් ග්‍රෑම් 08ක් සොයාගෙන ඇති අතර ඔවුන් භාවිතා කළ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ සිටින වෙනත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 31 සහ 42 වයස්වල පසුවන පන්නිපිටිය හා හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














