දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් (C. P. Radhakrishnan) මහතා අද (20) පෙරවරුවේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ දෙමළ ප්‍රජාව වෙනුවෙන් ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එම ස්ථාන නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඊයේ (19) පෙරවරුවේ මෙරටට පැමිණි උප ජනාධිපතිවරයා සිය නිල සංචාරය අතරතුර මෙලෙස වතුකරයේ ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබඳව සොයා බැලීමට එක්වීම විශේෂත්වයකි.
මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














