විදෙස්ගතව සැඟව සිටින බව කියන මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු අංජු’ගේ මත්ද්රව්ය බෙදාහරින්නෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර, අකුරැස්ස ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 500කට අධික ප්රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්රව්ය ප්රවාහනය කිරීම සඳහා එක් වරකට රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් ‘කුඩු අංජු’ විසින් මෙම සැකකරුට ලබා දී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















