මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ නමැත්තාගේ මුදල් එකතු කිරීමේ සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය මෙහෙයවූ ප්‍රධාන පෙළේ සැකකරුවකු සහ ඔහුගේ බිරිඳ රත්මලාන ගුවන්තොටුපොළ හන්දිය ප්‍රදේශයේදී ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (17) රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද රහසිගත තොරතුරකට අනුව සිදුකඩ කළ හදිසි වැටලීමකදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම අඹුසැමි යුවළ සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 63කට අධික මුදලක්, විශාල මත්ද්‍රව්‍ය තොගයක්, නවීන පන්නයේ මුදල් ගණින යන්ත්‍රයක් සහ විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් මසකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වැටුපකට මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ජාලය මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය හැසිරවීම්වල තවත් එක් මානයක් අනාවරණය කරගැනීමක් වන අතර, අත්අඩංගුවට ගත් සැකකාර යුවළගෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිතව ඇති අතර එමඟින් ජාවාරමේ තවත් ප්‍රධාන සාමාජිකයන් සහ ජාලයේ ව්‍යාප්තිය පිළිබඳ පුළුල් තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසිය අපේක්ෂා කරයි.














