බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලය වෙත ලැබුණු තොරතුරකට අනුව දේදුගල ප්‍රදේශයේ නිවසක පිටුපස පිහිටි වඩුමඩුවක රැඳී සිටි ආසන්න වශයෙන් මාස අටත් නවයත් අතර වයසැති මෙම කොටි පැටියා ආරක්ෂිතව මුදාගැනීමෙන් අනතුරුව, මව පැමිණ එය රැගෙන යෑම සඳහා ප්‍රදේශයේ ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබුණි. එහෙත්, නියමිත කාලය තුළදීත් මව පැමිණ නොමැති වීමත් සමඟ පසුදින වන විට පැටියාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසනීප අතට හැරීම හේතුවෙන් වනජීවී නිලධාරීන් වහාම මැදිහත් වී රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය අකලංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම වුර්තීය මට්ටමින් ක්‍රියාත්මක වෙමින් අදාළ ස්ථානයට පැමිණ පැටියා පරීක්ෂා කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්දෙණිගල වෙත රැගෙන ගොස් ඇති අතර, සතාගේ සුවය ලැබීමෙන් පසු යළි සුදුසු ස්වභාවික වාසස්ථානයකට මුදා හැරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී බලධාරීන් කටයුතු කරමින් සිටී.














