27 April 2024
#දේශීය

පිනක් දහමක් කර ගෙදර ඉන්න කුමාර වෙල්ගම, ගෝඨාට කියයි 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උමං මාර්ගයෙන් මේ රට දාලා යළි දිවයිනට පැමිණ ඇති අතර යළිත් දේශපාලනය නොකරන ලෙසත් පිනක් දහමක් කර නිවසට වී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අද (05) උදෑසන විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි. එම පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාය. මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහභාගි විය.

එහිදී අදහස් දැක් වු කුමාර වෙල්ගම මහතා මෙසේ අදහස් පල කලේය ” මහින්ද මහත්තයා හොඳ කෙනෙක් වුණාට රටට වැඩිය පවුලට ළැඳියි. එහෙම නැත්නම් එතුමාට ගියපාර ජ්‍යෙෂ්ඨත්වය දුන්නා නම් අද වෙන කෙනෙක් මේ රටේ ජනාධිපති, ඒ වගේම මේ වෙච්ච ඇබැද්දිය එතුමාට කවදාවත් වෙන්නේ නෑ. ගෝඨාභය මහත්තයා අවුරුදු 2කට අඩු කාලයක් තුළ මම හිතන්නේ ජනාධිපති ධුරය අතහැරලා දාලා, උමං මාර්ගයෙන් මේ රට දාලා ගියා. දැන් එතුමා ඇවිත් තියෙනවා. අපි එතුමාට සුබ පතනවා. ඔබතුමා ඔහොම ඉන්න. ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා. මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ. සමහර අය කියනවා අගමැතිකම දෙනවා කියලා. ඊට වැඩිය හොඳයි ඔබතුමාට පින්වන්ත නෝනාකෙනෙක් ඉන්නවා. එයත් එක්ක තියෙන පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා හිටියා නම් හොඳයි කියලා. අනුන්ගේ රැවටිලිවලට අහුවෙන්න නම් එපා. මොකද අපිත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේ. අපේ කටවල් හොඳ නෑ. අපි මොනවා කියයි ද දන්නේ නෑ. යැයි වෙල්ගම මන්ත්‍රීවරයා පවසා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *