27 April 2024
#දේශීය

ICTA නව සභාපති ලෙස මහාචාර්ය මලික් රණසිංහ වැඩ අරඹයි

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයාලෙස මහාචාර්ය මලික් රණසිංහ මහතා පසුගියදා රාජකාරි ආර කලේය.

මහාචාර්ය මලික් රණසිංහ මොරටුව විශ්ව විද්‍යාලයේ (UoM) සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. ඔහු වරලත් , ජාත්‍යන්තර වෘත්තීය ඉංජිනේරුවෙක් වන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙක් ද වෙයි. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමියේ සාමාජික, ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ උපාධිධාරී සාමාජිකකි. මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකුවන , මහාචාර්ය රණසිංහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ හිටපු සාමාජික, හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු කොමිෂන් සභා සාමාජිකු ද වෙයි. ජාතික පර්යේෂණ කවුන්සිලයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ (ACU) හිටපු සභා සාමාජිකයෙකි. මහාචාර්ය රණසිංහ කැනේඩියානු පොදුරාජ්‍ය මණ්ඩලීය විද්වතුකු ලෙස සිවිල් ඉංජිනේරු ආර්ථික විද්‍යාව පිළිබඳ කැනඩාවේ වැන්කුවර් හි බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු ඉදිරිපත්කල පර්යේෂණ ප්‍රකාශන සංක්‍යාව 130කට අධික වන අතර ඉන් 70කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර ඇගයුමට ලක්ව තිබේ. ඔහු මෙරට ප්‍රමුක පෙලේ පර්යේෂකක් ලෙස සම්භාවනාවට ලක්ව සිටියි.

2003 සිට ඔහු පොදු ලැයිස්තුගත සමාගම්වල (PLCs) ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ආයතනික අංශයට සම්බන්ධ වී ඇත. දැනට ඔහු Access Engineering PLC, Resus Energy PLC, Teejay Lanka PLC සහ United Motors Lanka PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. එමෙන්ම ඔහු Sampath Bank PLC හි හිටපු සභාපතිවරයා සහ කොළඹ කොටස් වෙළඳපොලේ හිටපු විධායක නොවන අධ්‍යක්ෂධුරය ඇතුළු ,පුද්ගලික අංශයේ විධායක තනතුරු රැසක් දරා ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *