කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී බත්තරමුල්ල ප්‍රදේශයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා මොහු විසින් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වේ.
සැකකරු විසින් ටෙන්ඩරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති අතර, එම මුදලින් මුල් කොටස ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස කොටු වී ඇත. සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සභාවට තේරී පත් වූ මොහු, පසුව ජාතික ජන බලවේගය සමඟ එක්ව බලය පිහිටුවීමේදී නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














