කුරුණෑගල නගරයේ සහ ඒ අවට ප්රදේශවල කිසිදු නියාමනයකින් තොරව ‘ස්පා’ (Spa) හතු පිපෙන්නා මෙන් බිහිවෙමින් පවතින බව කුරුණෑගල දිස්ත්රික් ළමා ආරක්ෂක නිලධාරිනී ලක්මිණි ධර්මදාස මහත්මිය ප්රකාශ කර තිබේ.
සත්කෝරල සාම විනිසුරු සංගමය කුරුණෑගල ග්රීන්වේ ශාලාවේදී සංවිධානය කළ වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, 2025 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්රික්කයෙන් බාල අපරාධ 266 ක් වාර්තා වී ඇති බවත්, වාර්තා වූ ඒවායින් වැඩිපුරම ඇත්තේ ස්ත්රී දූෂණ බවත් පෙන්වා දී තිබේ.














