පකිස්ථාන සුපිරි ලීග් (PSL) තරගාවලියේ පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දක්වන කුසල් මෙන්ඩිස්, මේ වන විට ලකුණු 500 සීමාව ආසන්නයටම පැමිණ සිටී. ඊයේ (22) කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ඔහු ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 85ක් රැස් කිරීමට සමත් විය.
මෙම ඉනිමත් සමඟ මෙන්ඩිස් මේ වන විට තරග 8කදී ලකුණු 493ක් රැස් කරගෙන සිටින අතර, ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 4ක් ඇතුළත් වේ. 172.37ක ඉහළ ප්‍රහාරාත්මක වේගයක් සහ 70.42ක සාමාන්‍යයක් පවත්වාගෙන යන ඔහු, දැනට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ පසුවේ. ඔහුට පසුපසින් ලකුණු 426ක් ලබා සිටින බාබර් අසාම් දෙවන ස්ථානයේ පසුවේ. කුසල්ගේ මෙම දායකත්වය හේතුවෙන් ඔහු නියෝජනය කරන පෙෂාවර් සල්මි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ද පෙරමුණ ගෙන සිටියි.














