ලොව වඳවී යාමේ තර්ජනයට දැඩි ලෙස ලක්ව සිටින සහ චීනයේ පළමු පන්තියේ ජාතික ආරක්ෂාව හිමි සත්ව විශේෂයක් වන ප්‍රෙස්වල්ස්කි (Przewalski’s) අශ්වයින් 30 දෙනෙකු සාර්ථක පුහුණුවකින් පසු වයඹදිග චීනයේ ෂින්ජියැන්ග් (Xinjiang) හි පිහිටි කලමයිලි (Kalamaili) ස්වභාවික රක්ෂිතයට පසුගිය බදාදා (අප්‍රේල් 22) මුදා හැර තිබේ. වරක් චීනයෙන් වඳවී ගොස් සිටි මෙම අශ්ව විශේෂය යළි මෙරටට හඳුන්වාදීමේ වැඩසටහන 1985 වසරේදී ආරම්භ වූ අතර ඒ අනුව විදේශයන්ගෙන් අශ්වයින් ගෙන්වා ෂින්ජියැන්ග්හි බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරිණි.
වසර 40කට අධික කාලයක් තිස්සේ සිදු කරන ලද විද්‍යාත්මක සංරක්ෂණ සහ බෝ කිරීමේ උත්සාහයන් හේතුවෙන් චීනය තුළ මෙම සතුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර ෂින්ජියැන්ග් කලාපයේ පමණක් දැනට සිටින වල් අශ්වයින් සංඛ්‍යාව 392 දක්වා වර්ධනය වී තිබේ. රක්ෂිත ප්‍රදේශවලට මෙම සතුන් මුදා හැරීම මගින් ස්වභාවික පරිසර පද්ධතියේ සමතුලිතතාවය රැක ගැනීමට සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.














