ICC එක්දින ක්රිකට් පිතිකරුවන්ගේ නවතම ශ්රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.
එංගලන්තය සමඟ පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් කුසල් මෙම ශ්රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇති බව ICC සඳහන් කළා.
ඒ අනුව ඔහු ශ්රේණිගත ලකුණු 674ක් ලබා සිටින අතර, එය ඔහුගේ එක්දින ක්රිකට් දිවියේ මෙතෙක් වාර්තා කළ ඉහළම ශ්රේණිගත ලකුණු සංඛ්යාවද වනවා.
මේ අතර, චරිත් අසලංක 15 වැනි ස්ථානය දක්වාත්, පැතුම් නිස්සංක 19 වැනි ස්ථානය දක්වාත් පසුබැස තිබෙනවා.
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි දෙවැනි ස්ථානයට පැමිණ ඇති අතර, ඉන්දීය නායක ශුබ්මන් ගිල් තවදුරටත් පිතිකරුවන්ගේ ශ්රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවනවා.
















