ඥානසාර හිමියන් අත්අඩංගුවට නොගන්නා ලෙස සහ ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා අනුරාධපුරයෙන් අත්සන් එකතු කිරීමට කටයුතු කළ තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ ෆේස්බුක් පිටුව අත්හිටුවා (Suspend) ඇති බව වාර්තා වේ.
තම හඬ නැවැත්වීම සඳහා අධර්මිෂ්ඨ පාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් මෙම පියවර ගෙන ඇති බව පවසමින්, ඉදිරියේදී සිය නව ෆේස්බුක් පිටුව හඳුන්වා දෙන බවත්, අධර්මිෂ්ඨ ක්‍රියාවන්ට එරෙහිව සිය හඬ නතර කළ නොහැකි බවත් උන්වහන්සේ සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ සටහන තබා තිබේ.














