ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අද (ජූනි 11) පෙරවරුවේ තාවකාලිකව වසා දැමූ කුවේට් ගුවන් කලාපය මේ වන විට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ආතතිකාරී වාතාවරණය හමුවේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස කුවේට් ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කර තිබූ අතර, එම අවස්ථාවේදී කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා පවා වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යැවීමට බලධාරීන් කටයුතු කර තිබුණි.
කලාපයේ පවතින දේශපාලනික හා යුදමය තත්ත්වය මත ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් මෙම පියවර ගත් බව කුවේට් බලධාරීන් පවසයි. කෙසේ වෙතත්, මේ වන විට ගුවන් කලාපය සාමාන්‍ය පරිදි විවෘත කර ඇති අතර, ගුවන් ගමන් කටයුතු යථා තත්ත්වයට පත් කරමින් පවතී.
















