කිරිඳිවැල – හංවැල්ල මාර්ගයේ පිහිටි සිනමාශාලාවක තිබී ගිනිඅවි, ජීව අත්බෝම්බ සහ ජීව පතොරම් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරු රඳවාගෙන ප්රශ්න කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. ඒ සඳහා සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සිදුකළ මෙහෙයුමකදී අදාළ සිනමාශාලාවේ තිබී පිස්තෝල දෙකක්, රිවෝල්වරයක් සහ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබේ. ඊට අමතරව ජීව අත්බෝම්බ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
එම ස්ථානයේ තිබී ජීව උණ්ඩ 4,000කට ආසන්න ප්රමාණයක් ද සොයාගෙන ඇති අතර, ගිනිඅවි සහ පතොරම් එම ස්ථානයේ තිබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.













